Thursday, January 26, 2012

හයිකු | ඉසා | 11


ගිම්හාන රාත්‍රිය
තරු පවා
එකිනෙකට කොඳුරන

-ඉසා-



හයිකු | ඉසා | 10


එළඹෙයි වසත් කල
පැරණි මෝඩකම් අලුත්වෙන
අලුත් වැරදිකරනට නැවුම් මං
සොයා ගැනෙන
-ඉසා-

හයිකු | ඉසා | 9


තණකොළපෙත්තෝ
පාගන්නෙ බලාගෙන
බි‍ඳෙයි කැබලිවලට
දිළසෙන  පිනි මුතු
ඉසා 




හයිකු | ඉසා | 8


අහා! යහපත් ලොව
පිනි බිඳු වැටෙයි
එක එක

දෙක දෙක

-ඉසා -



Thursday, January 19, 2012

හයිකු | ඉසා | 7

අනේ ! තාත්තා සිටියා නම්
බලා ඉන්නට මා සමඟ
නිල් ගොයමට උඩින්
උදාවෙන හිමිදිරිය 




-ඉසා




ගරා වැ‍ටුණු නිවසක් ළඟ
පුබුදයි මල්
පෙයාර්ස් ගසක්
වරක් සංග්‍රාම භූමියක් වූ තැන

-ෂිකෝ-

යන්න ගිහින්
කොහේදෝ ගිහින්
මගේ පුංචි බත් කූරන් අල්ලන්නා


-චියෝකෝ-



 

ඈත මෑත
ඇසෙයි දියඇල්ලේ හඬ
තුරුණු තුරු පත් තුළින්

-බුසොන්-





Monday, January 9, 2012



වලාකුළු වරින් වර පැමිණ
විවේක දෙයි
සඳ දෙස බලා සිටින 
මිනිසුන්ට


-බෂෝ-





තෙල් අහවර පහන
බැහැ තවත් කියවන්න
යනවිට සයනයට
ආහ්, මෙන්න!
සඳ එළියෙන් හැඩවුණු කොට්ටය


-බෂෝ-





දුගී බවේ දරුවා
සහල් කොටමින්
හෙලයි බැලුම්
සඳ දෙස

-බෂෝ-






නිහඬ උදෑසන
ගිලිහෙයි
කැමීලියා මල් පෙත්ත
ඉහිරවමින්
පිනි මුතුවක්

-බෂෝ-