Friday, April 21, 2017

කෙටි කවි | 11







කලෙක...
ඇසින් ඇස බලා සිටි
විසල් තුරු හිස්ය අප...



-මාලතී-

Monday, April 3, 2017

කෙටි කවි | 10





වසන්තය 
බිම්මල් මරා
කණේරු ඇහැරන



-මාලතී-

කෙටි කවි | 9





වෙනස් වැහි
අලුත් මල් මත
ඍතු නො වෙනස්ව


-මාලතී-


Saturday, February 4, 2017

කෙටි කවි | 8





පත් හැලීම නම්
අත්හැරීම ය
ගස් පෙම් කරන්නේ
එහෙම ය



04-02-17

Tuesday, January 31, 2017

කෙටි කවි | 7







අළු මතින් දැල්වෙයි
සිතුවිලි 
ගිනි පුපුරු


-මාලතී-

Monday, January 30, 2017

කෙටි කවි | 6





බමර පා යට
පෑගි පෑගී
සිනිඳු වෙන
මල් පෙති



-මාලතී-

Sunday, January 29, 2017

කෙටි කවි | 5





මහ වැසි අවසන
තුරු ඇස් අග
කඳුළු


-මාලතී-