Friday, December 30, 2011



නව වසරේ මුල්ම සිහිනය
ඒක රහසක්
තනියෙන් සිනාසෙන මම

 

ෂෝ-උ

හයිකු | ඔනිට්සුරා | 1


අලුත් අවරුද්දේ පළමු උදෑසන
පයින් ගස් අතරින් එන
  ඉපැරණි සුළං රැළි

 
ඔනිට්සුරා





  
අලුත් අවුරුද්ද
මේසය මත කොළ ගොඩක්
ගියපාර වගේම යි

 

මැත්සුවෝ




හයිකු | ඉසා | 6


දුම නැගෙයි ඉහළට
නව වසරේ
පළමු අහස


ඉසා









Tuesday, December 27, 2011




පර්වත කුහරය උඩින්
එල්ලෙයි ඉත්තෑ වැල
කුඩා පන්සල

-කියෝෂි-




 
 
 
මලානික වැස්ස
ඇද වැටෙයි
නිරුවත් කටුව මත

 
-කියෝෂි-
 
 
 
 


සරුංගලය පාවෙයි
අහසෙහි
ඊයේ එය සැරි සැරූ තැනම

-බුසොන්-






පූදින මල් පඳුර
සැලෙයි
පිනි බිඳක්වත් නො සලමින්


-බෂෝ-






Thursday, December 22, 2011



දකුණු නිම්නය
හිම පවා සුවඳවත් කරන හැටි
වාසනාව


-බෂෝ-









සිසිර සමනළයාගේ
සිහිනය
සීත කඳු මුදුනක
දියුවුණු හිම බිඳක්

-ටොමිසාවා-






Wednesday, December 21, 2011

කෙටි කවි - 1



මුළු රෑම 
ජනේලයෙ කෙඳිරිය
අපොයි මේ සිසිරය


-මාලතී-








අහසත් නෑ
පොළොවත් නෑ
ඒත් තාමත්
හිම වැටෙයි


-හෂින්-








හිම
කුඹුරු යි කඳු යි
ඔක්කොම අයිති කරගෙන
කිසිවක් ඉතිරි කර නැති හැටි

-ජෝසෝ-



Monday, December 19, 2011

හයිකු | ඉසා | 5


පුංචි ගොළුබෙල්ලෝ
බලාපන් බලාපන්
නුඹේ හෙවණැල්ල දෙස ...

-ඉසා





හයිකු | ඉසා | 4


ලොකු හිම කැටියක්
එතුළ කැටිවුණු
මිනිස් හඬවල්
-ඉසා

හයිකු | ඉසා | 3


පියවරෙන් පියවර
ගිම්හානයේ කඳු මත
මෙන්න මුහුද

-ඉසා

හයිකු | ඉසා | 2


මල් පිපෙයි
සොවින් වේදනාවෙන්
සැදුණු ලොව තුළ පවා

-ඉසා

හයිකු | ඉසා | 1


අපායේ වහල මතින්
ඇවිද යමු
මල් දෙස බලමින්....

-ඉසා

හයිකු අද්දර හිඳ...


බොහෝ කව් ඉම් පෙදෙස්වල පෙදෙහි රස හව් විඳ විඳ  අපි ඔහේ ඔබ මොබ ඇවිදිමු. .. රහස් දිය කඳුරු තුළ සැඟවී නොයෙක් කව් මිණි ලොවෙන් සැඟව නිදන බව... මාත්‍රා දහහතක ක්ෂුද්‍ර බෙලි කටුවක් තුළට මහ සයුර කැටි කොට මිටි කළ හැකි බව ඒ ඉවුරු මත ලියා ඇතියෙන් කියවමු..  හයිකු නම් කව් වෙසෙසක්  ගැන මීට පෙර ආරියවංශ රණවීර කවියා  වැනි ටික දෙනෙක් වඩා දැන උගත් ලෙස ලියා ඇති මුත් අපට හමු නොවූ තවත් හයිකු කවි දස දහස් ගණනක් පැසිෆික් සාගරයේ පාවෙන ඒ අපූරු දූපත් අතර සැඟවී ඇති. මම ඒ සඳ කත් මිණි සොයා යමි.  ඇතැම් විට ගිනි කඳු තුළ, ඇතැම් විට සකුරා තුරු පත් මත ..ඇතැම් විට ගෙවිළියකගේ සිනහව යට...

-මාලතී