Tuesday, November 1, 2016

කෙටි කවි | 4






විචිත්‍ර ය
පැමිණීම මෙන් ම
නික්මයාම ද...
ගිලිහෙන මේපල් පත්




-මාලතී-

Photo Credit : Manel K.R. Fernando

හයිකු | බෂෝ | 23





වෙසඟනන් නිදිසුව ලබන
තානායමක ගෙවී යයි රැය;
උඳුපියලිය ගොල්ල සහ සඳ

-බෂෝ-




Friday, October 28, 2016

හයිකු | සුෂිකි | 01



ඉපැරණි පැතුම් මියගිය ද 
සිහින වියැළි ගිය ද 
වසන්තය නිල් පැහැ ගැන්වෙයි
තවමත්... අයිරිස් මලින්


-සුෂිකි



සිතුවම-Nikolaev Yuriy

Thursday, September 22, 2016

හයිකු | බුසොන් | 09








හිම මිදෙන සඳ එළියෙහි
තෙරපෙයි
කුඩා ගල් කැටිති
පා යට


-බුසොන්-




Painting by Leonid Afremov

Thursday, June 2, 2016

හයිකු | ඉසා | 16








කෘමියනි නො වැළපෙන්න
පෙම්වතුන් ද තාරකා ද
වෙන්විය විය යුතුය දවසක


-ඉසා-