Tuesday, December 9, 2014

හයිකු | බෂෝ | 21



ඉමහත් සොවින් 
මම ඔබෙන් සමුගනිමි...
බෙල්ලෙකු සිය කටුවෙන් 
මිදෙන්නාක් මෙන්
නික්ම යමි,
සරත් සමය ද කැටුව.

-බෂෝ -

Monday, December 8, 2014

හයිකු | බෂෝ | 20




සිසිරයේ හුදෙකලාව-
තනි පැහැ ලොවක 
සුළඟෙහි හඬ

-බෂෝ-



Thursday, November 27, 2014

හයිකු | ටොකුකු | 1



සීතල සරත් වැසි...
වැස්සට දරණු බැරි තරමට  
බැබළෙන සඳ,
රූරා වැටෙයි 
වැසි ඇඟලි තුඩු අගින්

-ටොකුකු- 



Saturday, November 22, 2014

කෙටි කවි | 3


සරත් සැඳෑවක
තනිව ඇවිද යමි 
වසත් කල  අපට 
සෙවණ  දුන් 
තුරුපත් මතින්



-මාලතී -


Painting By Leonid Afremov

හයිකු | බෂෝ | 19




ඉපැරණි නිහඬ නගරය
මල් පුසුඹ පාවෙන ...
සැඳෑවේ සීනු නද දෙන!

-බෂෝ 




Thursday, November 20, 2014

හයිකු | බෂෝ | 18




එතුණු වැල්
නිසල කර ඇත
පැද්දෙන පාලම..
අපේ හැකිළුණු ජීවිත
මෙන්...


-බෂෝ




Sunday, October 26, 2014

කෙටි කවි - 2




නිසල සරත් සැඳෑව
කැළඹෙයි
අකල් වැස්සෙන්


-මාලතී-


Painting from  www.goodwp.com


Saturday, October 25, 2014

හයිකු | කිකාකු | 1



ආහ්,  වාසනාවන්ත සිඟන්නා...!
දිදුළන ස්වර්ගය,
සීතල මහපොළව
එක්වී සැදෙයි
නුඹේ ගිම්හාන ඇඳුම...

-කිකාකු

Tuesday, October 21, 2014

හයිකු | ඔනිට්සුරා | 3



කිළුටු දිය,
නා ගත් පසු 
කොතැනට විසිකරන්නද
මා නුඹව?
කෘමියෝ ගයති
තණපත් අතර...

-ඔනිට්සුරා-


Sunday, October 19, 2014

හයිකු | ඉසා | 15


මඳ පවන,
සුභ සැන්දෑවක්...!
නැවෙමින්
දඟර ගැසෙමින්
ගමරට බලා යන 
ඔබේ ගමනට!

-ඉසා


හයිකු | ෂිකි | 4




මගේ දිවිය...
තවත් කෙතරම් ඉතිරිද?

රාත්‍රිය කෙටි ය...



-ෂිකි-