Sunday, October 21, 2012



නොබිඳීය කිසිවෙක් නිහඬ බව
ආගන්තුකයා
සත්කාරකයා
සුදු කපුරු මල
නොබිඳීය කිසිවෙක් නිහඬ බව


-රියෝටා-


Wednesday, October 17, 2012




ආඩම්බරකාර
අපූරු මේපල් පත්
මෙනෙහි කරමින්
මරණය

-ෂිකෝ-



Sunday, October 14, 2012




ඉතිං සුදු සමනලුනි,
මේ නුඹලාගේ 
මල් පුබුදන සොහොන
හමුවේවිද අපි ආයෙත් 
මෙතැන


-බෂෝ-





හයිකු | ෂිකි | 3






බලන විට හිස හරවා 
මේ දැන් මා පසුකර ගිය 
මඟියා දෙස
දියවී ගිහින් ඔහු 
මීදුම තුළ

-ෂිකි-



Tuesday, October 2, 2012




කෙටි ය
 ගිම්හාන රාත්‍රිය
එනමුදු 
නිසල අඳුර මැද
පීදෙයි පියෝනි මලක්


-බුසොන්-

හයිකු | ඔනිට්සුරා | 2




දිය දහරට වැටුණු මල..
මගේ සුන්දර දිවිය ද
එලෙසින් නිමා විය යුතු.
තවත් මලකි එය
වැටී ගසාගෙන යාමට නියමිත


-ඔනිට්සුරා-