Friday, December 30, 2011
Wednesday, December 21, 2011
Monday, December 19, 2011
හයිකු අද්දර හිඳ...
බොහෝ කව් ඉම් පෙදෙස්වල පෙදෙහි රස හව් විඳ විඳ අපි ඔහේ ඔබ මොබ ඇවිදිමු. .. රහස් දිය කඳුරු තුළ සැඟවී නොයෙක් කව් මිණි ලොවෙන් සැඟව නිදන බව... මාත්රා දහහතක ක්ෂුද්ර බෙලි කටුවක් තුළට මහ සයුර කැටි කොට මිටි කළ හැකි බව ඒ ඉවුරු මත ලියා ඇතියෙන් කියවමු.. හයිකු නම් කව් වෙසෙසක් ගැන මීට පෙර ආරියවංශ රණවීර කවියා වැනි ටික දෙනෙක් වඩා දැන උගත් ලෙස ලියා ඇති මුත් අපට හමු නොවූ තවත් හයිකු කවි දස දහස් ගණනක් පැසිෆික් සාගරයේ පාවෙන ඒ අපූරු දූපත් අතර සැඟවී ඇති. මම ඒ සඳ කත් මිණි සොයා යමි. ඇතැම් විට ගිනි කඳු තුළ, ඇතැම් විට සකුරා තුරු පත් මත ..ඇතැම් විට ගෙවිළියකගේ සිනහව යට...
-මාලතී
Subscribe to:
Posts (Atom)