Wednesday, March 21, 2012



අපේ අවසන් සමු ගැන්ම
බෝට්ටුව සහ වෙරළ අතරින්
නැමී හිඳියි
වැළපෙන විලෝ ගස


-ෂිකෝ-







මේ සෝබර සරත් සමය
ඇවිද  යන විට අඳුරු මඟ දිග
එක් හුදෙකලා කුරුල්ලෙක්


-බෂෝ-




Monday, March 19, 2012


තරු පිරි විල් කැටපත
මෙන්න වසන්ත වැස්සක්!
දිය මත සිඟිති සුළි නගන
 
-සෝරා



Friday, March 9, 2012


ගොම්මන ශෝකබරිත
දුෂ්ටයෙක්මි!
අතට ඉඩ දුන්නෙන්
සිඳ දමනට
සුන්දර පියෝනි මල

 
-බුසොන්-



Sunday, March 4, 2012



මෙහෙමත් නිහැඬියාවක්
ගී ගයන රැහැයියන් පවා
උණුසුම් ගල්කුළුවලින්
වෙළාගෙන


-බෂෝ-



Friday, March 2, 2012


හිඟන්නාගේ ඇඳ
රළු පරළු -ගොරෝසු
ඒ වුණත්

සල්ලාපයේ යෙදෙන
මැසි මදුරුවන්ගෙන්
 පිරුණු- කලබල


-ෂියෝ-නි-