Monday, February 20, 2012


මගේ අපූරු ප්ලම් තුරු යුගළ
බලන්න මල් පිපෙන හැටි
දැන් එකක
අනෙක පසුවට
 
-බුසොන්-



7 comments:

  1. මමත් හයිකු කවියට ආදරය කරන කෙනෙක්.. මගේ ළග පොත් එකතුවකුත් තියෙනවා.. ආරියවංශ රණවීර කවියාගේ පරිවර්ථන.. ජපානයේ චාරිකාවක යෙදෙන්න ලැබුනු අහඹු අවස්ථාවකදි 'ඉසා' කවියාගේ ගම් පළාතටත් යන්න අවස්ථාව ලැබුණා.. එහෙදි මුණ ගැහුනු අය ‍ගොඩක් සතුටු වුණා මම හයිකු කවි ගැන දැනගෙන හිටිය නිසා... ඒ වෙද්දිත මා ළග මිණි පැමිණී පොති තිබුණා... ඉතින් හයිකු කවි මටත් එවන්න... සතුටුයි හයිකු කවි බ්ලොග් අතර දකින්න ලැබුණු එක ගැන...

    ReplyDelete
  2. පරිවර්තනය කරන හයිකු ඕනෑ තරම් දැකලා තියෙනවා. ඒත් අපේ අය තින්ම ලියවෙච්චි හයිකු දකින්නේ හරිම අඩුවෙන්.....

    ReplyDelete
  3. සාර්ථකම හයිකු කවි ලියන්න නම් ගොඩාක්ම සොබාදහමට සංවේදී වෙන්න ඕන... හයිකු කවියෙක් වෙන්න තරම්ම අපි සොබාදහමත් එක්ක සමීප නැතිව ඇති.. අපේ හිත් සංවේදී නැතිව ඇති... ගැටගහල අමාරැවෙන් ලියන හයිකු කවියක් නියම හයිකු කවියක් වගේ හිතට දැනෙන්නෙත් නැහැ කියල මට හිතෙනවා...

    ReplyDelete
  4. @ tharurasi, ඉසා ගේ ගමට යාම... ඒ ගැන අහන කොටත් සතුටුයි. ඉසා හරිම සංවේදී කවියෙක්.දර්ශනවාදියෙක්. ඔබ හරිම වාසනාවන්තයි.
    පූසා, මම දන්න විදිහට රණවීර මහත්තයගෙ පරිවර්තන ඇරුණම ලංකාවෙ හයිකු පරිවර්තනය කිරීම වෙලා තියෙන්නෙ ඉතාම අඩුවෙන්. අනෙක් කාරණය තමයි හයිකුවලට හිමි මූලික ස්වභාවය. මේවා ප්‍රධාන වශයෙන් ඍතු මත පදනම් වෙලා, මාත්‍රා 14 කින් (මේ මාත්‍රා ගණන් හදන ආකාරය අපි මාත්‍රා බලන ආකාරයට වඩා වෙනස්) යුක්තව ලිවීම.මේ ගැන මිණි පැමිණි පොතේ ලස්සන විස්තරයක් තියෙනවා. මේක ජපානයට, ඒ පරිසරයට හා සංස්කෘතියට ආවේණිකයි. ජපන් හයිකුවලට සමාන ඒවා ලංකාවෙ නොලියවෙන්න ඒකත් හේතුවක් කියල මට හිතෙන්නෙ.අපිට ඍතු භේද නෑ. අනෙක තරුරසි කියනවා වගේ කවියෙදි අපි වඩාත් බර පරිසරයට වඩා සාමාජයීය පැත්තට. යම් තරමකට හරි ඊට කිට්ටු වෙන්නෙ රණවීර මහතා විතරයි.
    හයිකු කියවන්න පැමිණීම ගැනත් සංවාදයටත් ස්තූතියි. නැවත එන්න.
    誰も

    ReplyDelete
  5. tharurasi,誰も : ස්තූතියි පැහැදිලි කිරීම් වලට :)

    ReplyDelete
  6. ඇත්තටම‍ ගොඩක් ස්තුතියි... කවි ගැන වගේම කවියට ආදරය කරන අයත් තමන්ගේ වගේ දැනෙනෙවි..

    තරැරසි

    ReplyDelete
  7. මම හයිකු කවියට පෙම් බඳින්නෙ අපේ සංස්කෘතික නිළධාරි තුමිය නිසයි. නාට්‍ය වැඩමුලුවකින් අනතුරුව ඇය කියා සිටියේ " හයිකු කවි රස විඳින්න, එතකොට වේදිකා නාට්‍ය සඳහා හොඳ වස්තු බීජ සොයාගන්න පුලුවන් " කියලා. නාට්‍ය ලියන්න විතරක් නෙමෙයි හයිකු කවි කියන්නේ අපූරු ඖෂදයක් ...

    ReplyDelete