හයිකු අද්දර
සියොත්හු -ගයති අතු මත - අප නො ලියූ කවි
Pages
Home
වසත් කල
ගිමත් කල
ශරත් කල
ශිශිර කල
හයිකු කවියන් ගැන
මගේ කෙටි කවි
Friday, April 21, 2017
කෙටි කවි | 11
කලෙක...
ඇසින් ඇස බලා සිටි
විසල් තුරු හිස්ය අප...
-මාලතී-
Monday, April 3, 2017
කෙටි කවි | 10
වසන්තය
බිම්මල් මරා
කණේරු ඇහැරන
-මාලතී-
කෙටි කවි | 9
වෙනස් වැහි
අලුත් මල් මත
ඍතු නො වෙනස්ව
-මාලතී-
Saturday, February 4, 2017
කෙටි කවි | 8
පත් හැලීම නම්
අත්හැරීම ය
ගස් පෙම් කරන්නේ
එහෙම ය
04-02-17
Tuesday, January 31, 2017
කෙටි කවි | 7
අළු මතින් දැල්වෙයි
සිතුවිලි
ගිනි පුපුරු
-මාලතී-
Monday, January 30, 2017
කෙටි කවි | 6
බමර පා යට
පෑගි පෑගී
සිනිඳු වෙන
මල් පෙති
-මාලතී-
Sunday, January 29, 2017
කෙටි කවි | 5
මහ වැසි අවසන
තුරු ඇස් අග
කඳුළු
-මාලතී-
Tuesday, November 1, 2016
කෙටි කවි | 4
විචිත්‍ර ය
පැමිණීම මෙන් ම
නික්මයාම ද...
ගිලිහෙන මේපල් පත්
-මාලතී-
Photo Credit : Manel K.R. Fernando
හයිකු | බෂෝ | 23
වෙසඟනන් නිදිසුව ලබන
තානායමක ගෙවී යයි රැය;
උඳුපියලිය ගොල්ල සහ සඳ
-බෂෝ-
Friday, October 28, 2016
හයිකු | සුෂිකි | 01
ඉපැරණි පැතුම් මියගිය ද
සිහින වියැළි ගිය ද
වසන්තය නිල් පැහැ ගැන්වෙයි
තවමත්... අයිරිස් මලින්
-සුෂිකි
සිතුවම-Nikolaev Yuriy
Thursday, September 22, 2016
හයිකු | බුසොන් | 09
හිම මිදෙන සඳ එළියෙහි
තෙරපෙයි
කුඩා ගල් කැටිති
පා යට
-බුසොන්-
Painting by Leonid Afremov
Thursday, June 2, 2016
හයිකු | ඉසා | 16
කෘමියනි නො වැළපෙන්න
පෙම්වතුන් ද තාරකා ද
වෙන්විය විය යුතුය දවසක
-ඉසා-
Monday, November 2, 2015
හයිකු | බෂෝ | 22
ගිම්හාන සඳ එළිය
පණුවෙකු නිහඬව
සිදුරු කරයි
චෙස්නට් ගෙඩිය
-බෂෝ-
Tuesday, December 9, 2014
හයිකු | බෂෝ | 21
ඉමහත් සොවින්
මම ඔබෙන් සමුගනිමි...
බෙල්ලෙකු සිය කටුවෙන්
මිදෙන්නාක් මෙන්
නික්ම යමි,
සරත් සමය ද කැටුව.
-බෂෝ -
Picture from
http://freebies.about.com
Monday, December 8, 2014
හයිකු | බෂෝ | 20
සිසිරයේ හුදෙකලාව-
තනි පැහැ ලොවක
සුළඟෙහි හඬ
-බෂෝ-
Thursday, November 27, 2014
හයිකු | ටොකුකු | 1
සීතල සරත් වැසි...
වැස්සට දරණු බැරි තරමට
බැබළෙන සඳ,
රූරා වැටෙයි
වැසි ඇඟලි තුඩු අගින්
-ටොකුකු-
Saturday, November 22, 2014
කෙටි කවි | 3
සරත් සැඳෑවක
තනිව ඇවිද යමි
වසත් කල අපට
සෙවණ දුන්
තුරුපත් මතින්
-මාලතී -
Painting By Leonid Afremov
හයිකු | බෂෝ | 19
ඉපැරණි නිහඬ නගරය
මල් පුසුඹ පාවෙන ...
සැඳෑවේ සීනු නද දෙන!
-බෂෝ
Thursday, November 20, 2014
හයිකු | බෂෝ | 18
එතුණු වැල්
නිසල කර ඇත
පැද්දෙන පාලම..
අපේ හැකිළුණු ජීවිත
මෙන්...
-බෂෝ
Sunday, October 26, 2014
කෙටි කවි - 2
නිසල සරත් සැඳෑව
කැළඹෙයි
අකල් වැස්සෙන්
-මාලතී-
Painting from
www.goodwp.com
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)