Tuesday, June 5, 2012

හයිකු | ෂිකි | 2

  
දිගම දිග 
ගිම්හාන දවසක
වැල්ලේ  රටා මවයි
අපේ අලස පිය සටහන්

-ෂිකි-


කෝප වූ මම
පිටවීමි නිවසින්
යළිත් නැවතුණෙමි උද්‍යානයෙහි
එහි,
නිශ්චල - පැරණි විලෝ ගස
-රියෝටා-


 

හයිකු | ෂිකි | 1



ගිනිකෙළි නිමා විය
නරඹන්නන් නික්ම ගොසිනි.
දැන්
අපරිමාණ අඳුර යි.


-ෂිකි-






 සුළං රහිත නිහඬ දිනයක,
බලන්න
බරැති තුරුපත
සිය කැමැත්තෙන් ම
බිම වැටෙයි.

-බොන්ෂෝ-