Showing posts with label බුසොන්. Show all posts
Showing posts with label බුසොන්. Show all posts

Thursday, September 22, 2016

හයිකු | බුසොන් | 09








හිම මිදෙන සඳ එළියෙහි
තෙරපෙයි
කුඩා ගල් කැටිති
පා යට


-බුසොන්-




Painting by Leonid Afremov

Tuesday, October 2, 2012




කෙටි ය
 ගිම්හාන රාත්‍රිය
එනමුදු 
නිසල අඳුර මැද
පීදෙයි පියෝනි මලක්


-බුසොන්-

Monday, April 16, 2012



ගැඹුරු අඳුරු ළි‍ඳ
නිසල ජලයට
පතිත විය
කැමීලියා මලක්

 -බුසොන්



Friday, March 9, 2012


ගොම්මන ශෝකබරිතය
දුෂ්ටයෙක්මි!
අතට ඉඩ දුන්නෙන්
සිඳ දමනට
සුන්දර පියෝනි මල

 
-බුසොන්-



Monday, February 20, 2012


මගේ අපූරු ප්ලම් තුරු යුගළ
බලන්න මල් පිපෙන හැටි
දැන් එකක
අනෙක පසුවට
 
-බුසොන්-



Sunday, February 19, 2012


සැඳෑවේ දිය නා
වීදියේ සල්ලාපයෙන් ඇවිදින
කුඩය සහ සහ වැහි කබාය

-බුසොන්-




Thursday, February 2, 2012




 නිසොල්මන් සැඳෑකල
ෂ්! ෂ්! ෂ්! 
අසන්න දුරින් එන
තුරුණු ගෙඹි ගීතය


-බුසොන්-


Thursday, January 19, 2012


ඈත මෑත
ඇසෙයි දියඇල්ලේ හඬ
තුරුණු තුරු පත් තුළින්

-බුසොන්-





Tuesday, December 27, 2011


සරුංගලය පාවෙයි
අහසෙහි
ඊයේ එය සැරි සැරූ තැනම

-බුසොන්-