Sunday, February 19, 2012


සැඳෑවේ දිය නා
වීදියේ සල්ලාපයෙන් ඇවිදින
කුඩය සහ සහ වැහි කබාය

-බුසොන්-




Thursday, February 2, 2012




 නිසොල්මන් සැඳෑකල
ෂ්! ෂ්! ෂ්! 
අසන්න දුරින් එන
තුරුණු ගෙඹි ගීතය


-බුසොන්-




මේ සරත් රැය
කිසිවෙකු නො යයි
මග දිග

 
-බෂෝ-



හයිකු | ඉසා | 12



සරල දිවියක්...
අවපැහැ වී
බිම වැටෙන
චෙරි මල මෙන්
-ඉසා-



සමණළිය
සුවඳ තවරා ගනියි
දැවටෙමින් 
ඕකිඩ් මල මත
 
-බෂෝ-